Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

20th January 2022 14:24:17 Hours

12 වන පාබල සේනාංකයේ සභාගිත්වයෙන් ප්‍රජාසත්කාර වැඩසටහන් මාලාවක් පවත්වයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම බලප්‍රදේශයේ පිහිටි හම්බන්තොට ප්‍රදේශයේ විදුලි බලය නොමැති නිවෙස්වල අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ “ අදුරෙන් එලියට ’’ සංවිධානයේ ධන පරිත්‍යාගයෙන් තොරාගත් පවුල් 50 ක් සදහ සුර්ය කෝෂ කට්ටල 50 ක් ලබාදි‍මේ වැඩසටහනක් හා ජාතික ඉතිරිකිරිමේ බැංකුවේ විශ්‍රාමික සමාන්‍යාධිකරී මාලනී පෙරේරා මහත්මියගේ ධන පරිත්‍යාගයෙන් එම ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ ඇස් පරික්‍ෂා කර ඇස් කණ්නාඩි 250 ක් ලබාදිම සහා කංචදේව ලමා නිවාසයේ සිටින වීශේෂ දු දරුවන් 16 දෙනකු හට ප්‍රනීත දිවා ආහාර වෙලක් ලබාදිමේ වැඩසටහනක් 2022.01.08 වන දින පෙරවරු 0830 සිට 1200 පැය දක්වා හම්බන්තොට සුචී ජාතික පාසලේදි සහා කංචදේව ලමා නිවාසයේදි පවත් වන ලදි.

මෙම ප්‍රජා සත්කාරය පැලියගොඩ සිංහ සමාජයේ සිංහ සරත් වික්‍රමසිංහ මහතා ඇතුලු සාමාජික/සාමාජිකාවන්ගේ දයකත්වයෙන් ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා අර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදේශකත්වයෙන් 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ‍ජෙනරාල් ආර්ඒඩිපි රණවක ආර්ඩබිලිවිපී ආර්එස්පී යුඑස්පී එන්ඩිසී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරණ ලදි.