02nd April 2025 09:18:27 Hours
12 වන පාබල සේනංකයේ 14 වන සංවත්සරය 2025 අප්‍රේල් මස 02 දිනට යෙදී තිබු අතර, ඒ වෙනුවෙන් සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුමල් හේමරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම මත වැඩසටහන් රැසක් සමගින් සංවත්සර සැමරුම ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.
එම වැඩසටහන් මාලාවේ ආරම්භය සනිටුහන් කිරිම සදහා සේනාංකයේ රාජකාරි නියුතු නිලධාරී/ සෙසුනිලයින්ගේ සහයෝගීතාවය වර්ධනය කිරිමේ අරමුණින් ක්‍රිකට්, වොලිබෝල් සහ බැඩ්මිටන් යන ක්‍රීඩා තරග පැවැත්වීමෙන් පසු එහි ජයග්‍රහකයින් සදහා සේනාංකාධිපති අභියෝගතා කුසලාන ප්‍රධානය කිරීමෙන් අනතුරුව, 2025 මාර්තු 30 වන දින හම්බන්තොට සිරිබෝපුර පිහිටි කංචදේව ළමා නිවාසයේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 24 දෙනෙකු රිදීගම සෆාරි සත්ව උද්‍යානය නැරඹීමට අවශ්‍ය කටයුතු සිදුකර, ඉන් අනතුරුව එදිනම එම දරුවන් වෙත දිවා ආහාරයක් සහ අත්‍යවශය ද්‍රව්‍ය සහිත තෑගි පාර්සල් පිරිනැමීමට කටයුතු කරන ලදී
2025 මාර්තු 31 සහ අප්‍රේල් මස 01 යන දෙදින තුලදී සේනාංක මූලස්ථානයේදී තුන්වරු පිරිත් සජ්ඣායනාවක් සිදුකර භික්ෂූන් වහන්සේලා 14 නමක් සඳහා දහවල් දානය පිළිගැන්වීමට කටයුතු කර එදින සන්ධ්‍යාවේ කිරිවෙහෙර සහ කතරගම දේවාලයේදී සේනාංකයේ, බළසේනාවන්හී සහ ඒකක ධජයන්ට ආශිර්වාද ලබාගැනීමට කටයුතු කර ඇත.
අප්‍රේල් 02 වන දින 18 වන ගැමුණු හේවා බළඇණියේ භඨපිරිස් විසින් සේනාංකාධිපති තුමන් වෙත යුද්ධ හමුදා සම්ප්‍රදානුකූලව කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනමන ලදී. ඉන් අනතුරුව සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් පසු සේනාංකාධිපති විසින් කඳවුරු භූමියේ පැළයක් රෝපණය කිරීම හා භඨපිරිස් ඇමතීමෙන් පසු සියළු නිල දිවා භෝජන සංග්‍රහය සඳහා සහභාගී වන ලදි.
මෙම සංවත්සරයට සමගාමීව අප්‍රේල් 04 වන දින සේනාංකාධිපතිගේ ප්‍රධානත්වයෙන් සංගීත සන්ධ්‍යාවක් පවත්වා සංවත්සරයේ අවසානය සනිටුහන් කර උත්සවය නිමාවට පත්කරන ලදී.