Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

30th March 2023 10:30:00 Hours

12 වන පාබල සේනාංකයේ 12 වන සංවත්සරයට සමගාමිව වැඩ සටහන් මාලාවක් ඉතා උත්කර්ෂවත්ව පවත්වන ලදි.

12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් GMN පෙරේරා RWP RSP USP ndc ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ උදාර සංකල්පයකට අනුව 2023.04.01 දිනට යෙදි තිබුන 12 වන සංවත්සරයට සමගාමිව වැඩ සටහන් මාලාවක් ඉතා උත්කර්ෂවත්ව පවත්වන ලදි.

එහිදී 2023.03.30 වන දින හම්බන්තොට සිරිබෝපුර පිහිටි ඛංජදේව ළමා නිවාසයේ නේවාසිකව සිටිනු ලබන විශේෂ අවශ්‍යතාවයෙන් පෙලෙන දුවාදරුවන් 17 දෙනෙකු වෙනුවෙන් දිවා අහාර වේලක් ලබා දිම සහ ඔවුන් හට අතවශ්‍ය උපකරණ ප්‍රදානය කිරිමක් ඇතුලුව විනෝදාත්මක වැඩසටහනක් එම ළමා නිවාසයේදි මෙම පාබල සේනාංකය වෙතින් සිදුකරන ලදී.

මෙම වැඩ සටහන සදහා එම කාර්ය මණ්ඩලයත්, 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමා ඇතුලුව 10x25 ක භට පිරිසක් සහභාගි වන ලදි.