Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

22nd July 2022 09:24:17 Hours

12 වන පාබල සේනාංකය වෙතින් ප්‍රජාසත්කාර වැඩසටහනක් පවැත්වීම

2022 රුහුණු මහා කතරගම ඇසළ පෙරහැරට සමඟාමීව කතරගම පුදබිම වන්දනා කිරීම සඳහා උතුරු නැගෙනහිර ප්‍රදේශ වලින් හා විදේශවල සිට පැමිණි 10000 කට අධික වන්දනා කරුවන් යාල වනෝද්‍යානය හරහා 2022.07.22 සිට 2022.08.12 දින දක්වා පැමිණෙන අතර ඔවුන් සඳහා අවශ්‍ය පානීය ජලය, ආහාර, වෛද්‍ය ආධාර, තාවකාලික කූඩාරම් හා කඳවුරු පහසුකම් සැපයීම 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒඑච්එල්ජි අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි පීඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස්, හා සම්බන්ධිකරණයෙන් යුතුව 122 පාබල බසේමු හා 23 ගරෙ ඒකකයේ භටපිරිස් හී දායකත්වයෙන් සිදුකරමින් පවතී.