Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

04th May 2022 16:46:09 Hours

12 වන පාබල සේනාංකය 11 වන සංවත්සරය ඉතා උත්කර්ෂවත් අන්ධමින් සමරයි

හම්බන්තොට නගරවැව ස්ථානගත 12 වන පාබල සේනාංකයේ 11 වන සංවත්සරය සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ එච් එල් ජි අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මඟපෙන්වීම මත සේනාංකයේ සියළුම නිලධාරින්, සෙසු නිලයින් සහ සිවිල් සේවක මහතුන්ගේ සහභාගිත්වයෙන් ඉතා අභිමානවත් අයුරින් සේනාංක මූලස්ථානයේදි, සේනාංක දිනය 2022.04.02 දින පවත්වන ලදී.

උත්සව මාලාවකින් අලංකාරවත් වූ එදින සේනාංකාධිපති තුමා වෙත කඳවුරු මූරයක් පිරිනැමීම, සියළු නිල සමූහ ඡායාරූපයක් ලබා ගැනීම, රුක්රෝපණ වැඩසටහනක්, නගරවැව සුමේධාරාම බදුරජ වෙහෙර පිරිවෙන් විහාරස්ථානයේ භික්‍ෂුන් වහන්සේලා 75 නමක් වෙනුවෙන් දිවා දානය පිරිනැමිම සහ සියලු නිල භෝජන සංග්‍රහයකින් උත්සවය වර්ණවත් විය.