Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

11th April 2021 09:57:36 Hours

12 පාබල සේනාංක මූලස්ථාන‍යේ 10 වන සංවත්සරයට සමගාමීව වැඩසටහන් මාලාවක් පවත්වයි

12 පාබල සේනාංක මූලස්ථාන‍යේ 10 වන සංවත්සර දිනය 2021.04.02 දිනට යෙදී තිබූ අතර එයට සමඟාමීව 12 පාබල සේනාංක මූලස්ථාන‍යේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර් ඒ ඩී පී රණවක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීසී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් වැඩසටහන් මාලාවක් පවත්වන ලදි.

12 පාබල සේනාංක මූලස්ථාන‍යේ භට පිරිස් විසින් 2021.03.26 දින වෙහෙරගොඩාන විහාරස්ථානය සුද්ද පවිත්‍ර කල අතර 2021.04.01 වන දින පාබල සේනාංක මූලස්ථාන‍යේ බුදු මැදුර අභියසදී බෝධිපූජා පිංකමක් පවත්වා ස්වාමීන් වහන්සේලා දස නමක් සඳහා හීල් දානය පිරිනමන ලදි. අනතුරුව සියළු නිලයින් සමූහ ඡායාරූපයකට පෙනී සිට දිවා භෝජන සංග්‍රහයට සහභාගි වන ලදි.