Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

08th October 2022 09:00:40 Hours

12 පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති තුමන් තනතුරෙහි වැඩභාර ගැනී‍ම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 12 පාබල සේනාංක මූලස්ථානයේ නව සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරාල් ජී එම් එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සිය ධූරයේ වැඩ භාර ගැනීම සඳහා 2022.10.08 වන දින උත්සව මාලාවක් පවත්වන ලදි.

මෙහිදී නව සේනාංකාධිපති තුමන් කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී විසින් උණුසුම් ලෙස පිළිගැනීමෙන් පසුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු ආරක්‍ෂක මුරයේ හා සම්මාන පෙලපාලියේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනමන ලදී.

නව සේනාංකාධිපති තුමන් විසින් කඳවුරු භූමියේ පැළයක් රෝපණය කර සියළුම නිලයින් ඇමතීමෙන් අනතුරුව තේපැන් සංග්‍රහයකට සහභාගී වන ලදි.

මෙම අවස්ථාව සඳහා 121, 122 පාල බලසේනා මූලස්ථානයේ බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/ නිලධාරීන් සහභාගි වන ලදි.