Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

06th October 2022 09:00:40 Hours

12 පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති තුමන් තනතුරෙන් නික්ම යාම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 12 පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති වශයෙන් රාජකාරි ඉටුකරන ලද මේජර් ජෙනරාල් ඒ එච් එල් ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සිය ධුර කාලය නිමාවෙන් පසුව නික්මයාම සනිටුහන් කිරීම සඳහා 2022.10.06 වන දින 12 පාබල සේනාංක මූලස්ථානයේදී උත්සව මාලාවක් පවත්වන ලදි.

මෙහිදී සේනාංකාධිපති තුමන් කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී විසින් උණුසුම් ලෙස පිළිගැනීමෙන් පසුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු ආරක්‍ෂක මුරයේ හා සම්මාන පෙලපාලියේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනමන ලදී.

සේනාංකාධිපති තුමන් විසින් සියළුම නිලයින් ඇමතීමෙන් අනතුරුව තේපැන් සංග්‍රහයකට සහභාගී වු අතර එදින රාත්‍රියේදී 12 පාබල සේනාංක මූලස්ථානයේ නිලධාරී නිවෙස්නයේදී රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන ලදි.

මෙම අවස්ථාව සඳහා 121, 122 පාල බලසේනා මූලස්ථානයේ බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/ නිලධාරීන් සහභාගි වන ලදි.