Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

06th November 2022 09:00:00 Hours

12 පාබල සේනාංක මූලස්ථානය වෙතින් අත්‍යවශ්‍ය භාණ්ඩයන්ගෙන් සමන්විත පෝෂණ මළු 65 ක ප්‍රමාණයක් බෙදාදෙන ලදී

හිටපු යුද්ධ හමුදාධිපති විශ්‍රාමික ජෙනරාල් ජගත් ජයසූරිය ආර්ඩබ්ලිව්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, මංජුලිකා ජයසූරිය මැතිණිය සහ තවත් ධානපතී‍න් පිරිසකගේ පූර් ණ දායකත්වයෙන් යුතුව තිස්සමහරාම ප්‍රාදේශීය බලප්‍රදේශය තුල ආර් ථික වශයෙන් ඉතා අසීරු කාලසීමාවක් මධ්‍යයේ කටයුතු කරන ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති පවුල් 65ක් සඳහා පෝෂණ මළු 2022.11.06 දින තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාල උත්සව ශාලාවේදී බෙදාදීමට කටයුතු කරන ලදී.

12 පාබල සේනාංක මූලස්ථානයේ නව සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරාල් ජී එම් එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් පූර්ණ සම්බන්ධීකරනයෙන් හා මඟ පෙන්වීම මත මෙම වැඩ සටහන සාර්ථකව සිදු කිරීම සඳහා 122 පාබල බසේමු බලසේනාධිපති තුමන් තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම්තුමිය, නිලධාරීන් හත්දෙනෙකු සහ සෙසු නිලයින් විසිදෙනෙකු සහභාගි වන ලදි.