Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

25th April 2020 18:30:29 Hours

12 සේනාංක බලප්‍රදේශය වෙතින් පාලනය වන 3 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව ඒකකය වෙතින් රුධිර පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් පැවැත්වීම

යුද්ධ හමුදාධිපති තුමන්ගේ උපදෙස් මත ආසේමු මධ්‍යම බලප්‍රදේශයට අයත් 12 සේනාංක මුලස්ථානය වෙතින් කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තිය වීම සමග හදිසි අවස්ථාවක භාවිතයට ගැනීම සඳහා හම්බන්තොට මහ රෝහල සමග සම්බන්ධතාවයෙන් යුතුව ලේ දන්දීමේ වැඩසටහනක් 2020.04.21 වන දින පවත්වන ලදි.

ඒ අනුව එම ලේ දන්දීමේ වැඩසටහන සඳහා 12 වන සේනාංක මුලස්ථානයේ රාජකාරි කරනු ලබන නිලධාරි සෙසුනිලයින් 45 දෙනෙකු හා 3 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවෙහි රාජකාරි කරනු ලබන නිලධාරින් හා සෙසුනිලයින් 12ක ප්‍රමාණයක් ඒ සඳහා තම ස්වෙච්ඡාවෙන් රුධිරය පරිත්‍යාග කරන ලදි.