Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

16th July 2020 11:48:16 Hours

12 වන සේනාංක මූලස්ථාන ප්‍රධාන ශාඛාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (ක්‍රියා) තනතුර භාරගැනිම

12 වන සේනාංක මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (ක්‍රියා) වශයෙන් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත්, නි/64620 ලුතිතන් කර්නල් එච් සී එස් හරිස්චන්ද්‍ර ආර්ඩබිලීව්පී යුඑස්පී පීඑස්සී අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020 ජුලි මස 13 වන දින පෙ:ව 1000 පැයට යෙදෙන සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් ක්‍රියාන්විත ප්‍රදේශ ඇතුළු දිවයිනේ විවිධ ස්ථානයන් හි රාජකාරි ඉටු කර දැනුම් සම්භාරයකින් හෙබි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ. තවද මෙම අවස්ථාව සඳහා සියලු නිළධාරින් සහ ලිපිකරුවන් සහභාගි වු අතර, එහිදි සියලුම නිළයන් විසින් නව ප්‍රධාන මණ්ඩලික 1 (ක්‍රියා) ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ව මහත් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.