Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

04th January 2020 21:28:35 Hours

12 වන සේනාංකයේ නව සේනාංකාධිපති තුමන් රාජකාරි භාරගැනිමෙන් පසු 121 බළසේනා මුලස්ථානය වෙත සංචාරයක නිරත වන ලදී

මෙම මූලය යටතේ පාලනය වන 12 වන සේනාංකයේ නව සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරාල් ඒ එල් පී එස් තිලකරත්න ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමා සිය තනතුරෙ රාජකාරි භාර ගැනීමේන් පසු 2020.01.03 වන දින 121 බළසේනා මූලස්ථානය වෙත නිල සංචාරයක නිරත විය.

121 බළසේනා මූලස්ථානයේ බළසේනාධිපති බ්‍රිගේඩියර් එන් සී සෝමවීර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යූඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමා විසින් සේනාංකාධිපති තුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව 18 ගැමුණුහේවා බළඇණියේ රාජකාරි නියතු භඨපිරිස් වෙතින් සේනාංකාධිපති තුමන් වෙත කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.තවද මෙම සංචාරය සනිටුහන් කරමින් කඳවුරු භූමිය තුල අඹ පැලයක් රෝපණය කර 121 බළසේනා මූලස්ථානය, 18 ගැමුණුහේවා බළඇණිය සහ 9 වන ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තුවේ රාජකාරි නියතු නිලධාරින්/සෙසු නිලයින් හට සේනාංකාධිපති තුමා විසින් භඨපිරිස් ඇමතිමක්ද සිදු කර සියළු නිල තේ පැන් සංග්‍රාහයකට සහභාගිවී මතක සටහන් පොතේ සටහන් තැබිමෙන් අනතුරුව සේනාංකාධීපති තුමා නික්ම ගියේය.