Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

14th April 2024 08:00:00 Hours

12 වන බළඇණි ගජබා රෙජිමේන්තුවේ බළඇණියේ බළඇණි පුහුණුව පැවැත්වීම

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පාබල බළඇණියන්හි වර්ථමාන සහ අනාගත අභියෝග වලට හැකිවන අයුරින් පාබල ඒකකයන්හි ඵලදායිතාවය සහ කාර්යක්‍ෂමතාවය ඉහල නැංවීමේ අරමුණින් ශ්‍රි ලංකා යුද්ධ හමුදා පාබල බළඇණි පුහුණු පාසල - දියතලාව වෙතින් යුද්ධ හමුදා පුහුණු පාසල - මාදුරුඔය තුල ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) වෙතින් පාලනය වන 12 වන බළඇණි ගජබා රෙජිමේවන්තුවේ බළඇණි පුහුණු පාඨමාලාව 2024 පෙබරවාරි මස 14 වන දින පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ආර්එම්එස් රත්නායක ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදි.

ඒ අනුව 12 වන බළඇණි ගජබා රෙජිමේවන්තුවේ පුද්ගලික සහ සාමුහික කුසලතා වර්ධනය කිරිම, ආත්ම විස්වාසය සහ පුද්ගල නායකත්වය වර්ධනය කිරිම, බළඇණියේ සියළුම නිලයින් අතර අන්තර් අවබෝධය වර්ධනය කිරිම, බළඇණිය සහ කණ්ඩායම් මට්ටමේ අභ්‍යාස සඳහා හුරු කිරිම ඒකකයේ භඨ කාර්ය සම්පාදන හා පාලන භඨ පිරිස් වලට අදාල ‍ක්ෂේත්‍ර දැනුම වර්ධනය කිරිම, දුෂ්කරතාවයන්ට ඔරොත්තුදීමේ හැකියාව වර්ධනය කිරිම, ශාරිරික ශක්තිය මානසික ශක්තිය වැඩිදියුණු කිරීම, කණ්ඩායමක් ලෙස ආධාරක අවි සමඟ කටයුතු කිරීම සහ බහුකාර්ය කඩිසර ඒකකයක් ලෙස සංවිධානය කරවීමේ පරමාර්ථයෙන් යුතුව පුරා දින 40 ක කාලපරිච්ජේද 320 ක් ආවරණය වන පරිදි ප්‍රධාන වශයෙන් ශාරිරික අභ්‍යාස, යුධ බාධක තරණය, වෙහෙසකර පා ගමන් පුවරු අතර ගමන් කිරිම්, ටෙලර්මේඩ් අභ්‍යාස ජිව වෙඩි තැබීම්, අභ්‍යන්තර ආරක්‍ෂක රාජකාරි පුහුණුවීම්, ලිඛිත පරික්‍ෂණ, භඨ නිවාස පරික්‍ෂණ, බළඇණි/කණ්ඩායම් ඉදිරිපත් කිරිම් සහ වනගත පුහුණු අභ්‍යාසයන් සාර්ථකව සිදුකර බළඇණියක් වශයෙන් 70.6% ක ප්‍රථිශතයක් සහ A සාමාර්ථයක් ලබා ගනීමින් 2024 අප්‍රේල් මස 03 වන දින බළසේනාධිපති - 122 පාබල බළසේනා මුලස්ථාන බ්‍රිගේඩියර් කේ එච් එම් යු බි කොලොන්ලහපිටිය යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අවසන් දේශනයෙන් පසු පාඨමාලාව අවසන් කර ඇත.