Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

13th May 2024 21:49:03 Hours

12 වන පාබල සේනාංක බළප්‍රදේශයේ අඩු ආදායම්ලාභී දිළිඳු පවුලක් සඳහා නව නිවසක් ඉදිකර දිම සඳහා මුල්ගල තැබීම

යුද්ධ හමුදාධිපති තුමාගේ උදාර සංකල්පයකට අනුව අඩු ආදායම්ලාභී දිළිඳු පවුල් සඳහා නිවාස සාදා දීමේ ව්‍යාපෘතීන් මේ දිනවල සිදු කරනු ලබයි. ඒ අනුව මෙම ප්‍රයත්නයේ තවත් පියවරක් ඉදිරියට තබමින් තුන්වන නිවස සඳහා ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමන්ගේ පුර්ණ මඟ පෙන්වීම හා උපදෙස් මත මෙම ආරක්‍ෂක මුලස්ථානය යටතේ පාලනය වන 12 වන පාබල සේනාංක බල ප්‍රදේශයට අයත් මොණරාගල දිස්ත්‍රීක්කයේ කතරගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මාලිගාවීල ග්‍රාම නිලධාරි වසමේ පදිංච් ස්ථීර නිවසක් නොමැති සිව් දරු පියෙකු වන ඩි නන්දසේන මහතාට නව නිවසක් සදහා මුල්ගල තැබීම 2024.05.10 වන දින උදැසන සුභ මොහොතින් සිදුකරන ලදි.

22 වන පාබල බලසේනාධිපති මේජර් ජෙනරාල් පී ඒ එම් පීරිස් ආර්එස්පි යුඑස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ආරාධනයෙන් ධානපති චමින්ද වෙලේගම මහතාගේ ධන පරිත්‍යාගයෙන් සහ 121 පාබල බසේමු යටතේ ඇති 18 ගැහේබ ඒකකයේ ශ්‍රම දායකත්වයෙන් මෙම නිවස ඉදිකිරිම් සිදු කරනු ලබයි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජෙනරාල් සි එස් මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සි අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි, 121 පාබල බසේමු බළසේනාධිපති සමග චමින්ද වෙල්ගම මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්, ඇතුළුව නිලධාරි සෙසුනිළයින් පිරිසක් මේ සඳහා සහභාගි ‍වන ලදි.