12th February 2025 16:38:01 Hours
‘Clean Sri Lanka Programme’ වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට සිට තංගල්ල දක්වා මුහුදු වෙරළ තීරය සුද්ධ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් 12 වන සේනාංකාධිපතිගේ උපදෙස් පරිදි 2025 පෙබරවාරි 09 වන දින යුද්ධ හමුදා නිලධාරි/සෙසු නිළයින් 06x175 ක සහ සිවිල් වැසියන් 300 ක් පමණ සහභාගීත්වයෙන් සාර්ථකව සිදුකරන ලදි. මෙම වැඩසටහන සිදුකර ගැනීම සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු නිලධාරින්, සෙසුනිළයින් සහ හම්බන්තොට දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරින් සහ සිවිල් ජනතාව සහයෝගය ලබාදෙන ලදි.