14th October 2024 08:00:00 Hours
කොළඹ රාජකීය විද්‍යාලීය රතු කුරුස සංගමය විසින් සංවිධානය කරන ලද රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහන සඳහා 12 වන පාබල සේනාංකයේ භඨ පිරිස් විසින් 2024 ඔක්තෝබර් 12 වන දින හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේදී තම රුධිරය පරිත්‍යාග කරන ලදී.
මෙම සමාජ සත්කාරය 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිවි පල්ලෙකුඹුර RWP RSP ndu psc ජ්‍යෙෂ්ඨ නිලධාරී ගේ මඟපෙන්වීම මත 12 පාසේමූ, 122 පාබසේමූ, 20 ශ්‍රීලංසිරෙ සහ 3 ශ්‍රීලංජාආබමූ භඨ පිරිස් සහ ප්‍රදේශයේ සිවිල් ජනතාව මෙම වැඩසටහන සඳහා සහභාගී විය. මෙම රුධිරය පරිත්‍යාග කිරීම සාර්ථකව සිදු කර ගැනීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ ලේ බැංකුවේ වෛද්‍ය කණ්ඩායම් විසින් දායකත්වය ලබා දෙන ලදි.