Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

05th June 2023 09:00:00 Hours

12 පාබල සේනාංක මුලස්ථානයේ නව සේනාංකාධීපති තුමන් තනතුරෙහි වැඩ භාර ගැනීම

12 පාබල සේනාංනක මුලස්ථානයේ 15 වන සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරල් පීපීඒ පෙරේරා පීඑස්සී එච්ඩීඑම්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023.06.05 වන දින ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සුභ මොහොතින් තනතුරෙහි වැඩභාර ගන්නා ලදි.

සේනාංකාධිපති තුමන් හට භටපිරිස් සහභාගිත්ව‍යෙන් කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලද අතර පසුව කඳවුරු භුමියේ පැලයක් රෝපණය කර 12 පාබල සේනාංකය, 121 ,122 බළසේනා මුලස්ථාන හා ඒකකයන්හි භට පිරිස් අමතන ලදි.

මෙම අවස්ථාව සඳහා 121 හා 122 පාබල බළසේනාධිපති වරුන් මෙන්ම සේනාංකයේ සියලුම නිලධාරින්, ඒකක අණදෙන නිලධාරීන් සහාභාගි වන ලදි.