Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

03rd February 2021 21:12:30 Hours

12 පාබල සේනාංක මුලස්ථානයේ නව සේනාංකාධිපති තුමන් තනතුරෙහි වැඩ භාර ගැනීම

11 පාබල සේනාංක මුලස්ථානයේ නව සේනාංකාධිපති ලෙස නි/61159 බ්‍රිගේඩියර් ආර්ඒඩීපී රණවක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීසී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021.01.20 වන දින පෙව 0937 පැයට ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සේනාංකාධිපති තුමන් තනතුරෙහි වැඩභාර ගන්නා ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ක්‍රියාන්විත ප්‍රදේශ ඇතුළු දිවයිනේ විවිධ ස්ථානයන් හි රාජකාරි ඉටු කර දැනුම් සම්භාරයකින් හෙබි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ. තවද, 20 වන ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තු ඒකකයෙහි භටපිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් සේනාංකාධිපති තුමන් හට පිරිනමන ලදි. පසුව මෙම අවස්ථාව සඳහා සහභාගි වූ 12 පාබල සේනාංකයේ හා එම සේනාංකය යටතේ පාලනය වන පාබල බසේමු/ ඒකකයන්හි රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා නිලධාරින් එක්ව සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, සේනාංකාධිපති තුමන් සියළු නිලයින් ඇමතීමෙන් පසු සියළු නිලයින් එක්ව සේනාංකාධිපති තුමන් හට තේ පැන් සංග්‍රහයක් පවත් වන ලදි.