Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

05th December 2024 08:00:00 Hours

12 පාබල සේනාංක භඨ පිරිස් විසින් බෙලිඅත්ත ආයුර්වේද රෝහලේ ශ්‍රමදානයක් පවත්වයි

බෙලිඅත්ත ආයුර්වේද රෝහලේ අධ්‍යක්‍ෂ තුමියගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් 2024 දෙසැම්බර් 03 වන දින 12 පාබල සේනාංකයේ (01×15) භඨ පිරිස් විසින් රෝහල් භූමියේ ඔසු උයනක් සකස් කිරීම සඳහා අවශ්‍ය පරිදි සුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදාන ව්‍යාපාරයක් පවත්වන ලද අතර, රෝහල් බළධාරී විසින් එම භූමියේ ඔසු උයනක් නිර්මානය කිරීමට සැලසුම් කර ඇත.

ඒ අනුව අදාල ප්‍රජා ව්‍යාපෘතිය 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ මෙම සිදු කරන ලද අතර, ආයුර්වේද රෝහල් කාර්ය මණ්ඩලය විසින් යුද්ධ හමුදා භඨ පිරිස් විසින් සිදු කරන ලද මෙහෙවර ඇගයීමට ලක් කරන ලදි.