Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

19th September 2023 09:30:00 Hours

11වන පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති සිය බලප්‍රදේශයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වන ලදී

11 වන පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්එම්එම් රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023.09.19 වන දින, මෙම පාබල සේනාංකය යටතේ පාලනය වන 111 පාබල බසේමු සහ 2 (සෙව්) ශ්‍රිලංසිරෙ ඒකකය වෙත නිරික්‍ෂණ සංචාරයක නිරත වන ලදි.

තවද, 111 වන පාබල බළසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්එම්එස් ඈරෑගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් සේනාංකාධිපති තුමන් උණුසුම් අයුරින් පිළිගත් අතර, එම පාබල බළසේනාවේ ඉටුකරන ලද රාජකාරි පිළිබඳ සේනාංකාධිපති තුමන් හට විස්තර කිරිමෙන් අනතුරුව එම පාබල බළසේනාවේ යටතේ රාජකාරි ඉටුකරනු ලබන නිලධාරින්/සෙසුනිලයින් සේනාංකාධිපති තුමන් විසින් භඨපිරිස් ඇමතිමක්ද සිදුකර කඳවුරු නිරික්‍ෂණ සංචාරයක නිරත විය.