Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

24th May 2021 14:40:11 Hours

112 වන බලසේනාව විසින් ඇදන් 260 කින් යුත් අතරමැදි ප්‍රථිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරිම

බදුල්ල දිස්ත්‍රික්කය තුළ දිනෙන් දින ඉහළ යමින් පවතින ආසාධිතයින් හට ප්‍රතිකාර කිරිම සදහා යුද්ධ හමුදා සාමාජිකයින් විසින් බදුල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ගොඩනැගිල්ලක් අතරමැදි ප්‍රථිකාර මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කරන ලද අතර එම මධ්‍යස්ථානය 2021 මැයි මස 23 වන දින ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රංජන් ලමාහේවගේ ප්‍රධානත්වයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය නිලධාරින් වෙත භාරදෙන ලදි.

ආරක්‍ෂක සේනා ආඥාපති මධ්‍යම මේජර් ජෙනරාල් රංජන් ලමාහේවගේ සහ 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කිත්සිරි ලියනගේ ගේ මග පෙන්විම යටතේ 112 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනුර දිසානායකගේ අධීක්‍ෂනය යටතේ යුධ හමුදා සාමාජිකයින් විසින් ගමනාගමන මණ්ඩලයට අයත් මෙම ඇගලුම් කර්මාන්තශාලා ගොඩනැගිල්ල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කරන ලදි.

කොවිඩ් 19 ආසාධිතයන් සදහා දැනට බදුල්ල දිස්ත්‍රික්කයේ පවතින කහගොල්ල සහ බිදුණුවැව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට අමතරව මෙම නව අතරමැදි ප්‍රථිකාර මධ්‍යස්ථානය ඇදන් 260 කින් සමන්විත වේ. මීට අමතරව මෙහි රෝගීන් සදහා වෛද්‍ය, සනීපාරක්‍ෂක සහ රූපවාහිනි නැරඹිමේ පහසුකම් වලින්ද සමන්විත වේ.

මෙම අතරමැදි ප්‍රථිකාර මධ්‍යස්ථානය සෞඛ්‍ය අංශ වෙත භාරදීමේ අවස්ථාව සදහා ඌව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ටීබී විජෙරත්න, ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය හේමන්ත සිල්වා , මහජන සෙඛ්‍ය පිළිබද විශේෂඥ වෛද්‍ය නිමල් ගමගෙදර, ඌව පළාත් සභා මන්ත්‍රිවරුන්, බදුල්ල නගර සභා නිලධාරින් බදුල්ල දිස්ත්‍රික් ලේකම් හා බදුල්ල ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රාදේශීය කලමණාකරු සහ 11 වන පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් කිත්සිරි ලියනගේ සහ 112 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනුර දිසානායක සහභාගි විය.