Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

09th July 2018 10:15:05 Hours

11 සේමු ප්‍රදේශයේ අස්ගිරි මහා විහාරස්ථාන පරිශ්‍රයේ සිදුකරන ලද ශ්‍රමදාන හා දානමය කටයුත්ත

මෙම අරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන 11 වන සේනාංකය බළ ප්‍රදේශයේ මහනුවර අස්ගිරි මහා පිරිවෙන් පරිශ්‍රයේ විභජ්ජවාද මහා ධර්ම සම්භාසනය නමින් ධර්ම සම්භාසනයක් 2018.07.08 වන දින පවත්වන ලදි. ඒ සදහා මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ‍ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි 11 වන සේනාංකයට අයත් ඒකකයන් වෙතින් භඨපිරිස් සහභාගි කරවන ලදි.

තත් පුණ්‍ය කටයුත්ත සිදුකිරිම වස් මුල් දින එම පිරිවෙන් පරිශ්‍රය පිරිසිදු කිරිම් සිදුකල අතර, පසු දින භික්ෂුන් වහන්සේලා දහසක් නමකට දහවල් දානය පිළිගැන්වීම සදහා දාන ශාලාව සකස් කරන ලදි.

මෙම උතුම් පුණ්‍ය කටයුත්ත සදහා 11 වන සේනාංකය හා යටතේ පාලනය වන ඒකකයන් හි නිලධාරි/සෙනීන් 04 x 130 ක ප්‍රමාණයක් සහභාගිවු අතර, පසුව විහාරවාසි භික්ෂුන් වහන්සේලා විසින් මෙම පුණ්‍ය කටයුත්ත සදහා සහභාගි වු අයට මෙන්ම යුද්ධ හමුදාධිපති ඇතුලු සමස්ථ යුධ හමුදාවට ආශිර්වාද කරන ලදි.