Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

08th March 2019 15:28:47 Hours

11 වන සේනාංකයේ 09 වන සංවත්සරය වෙනුවෙන් සර්වරාත්‍රික පිරිත් සජ්ඡායනාවක් සිදු කිරිම

ආරක්ෂක සේනා (මධ්‍යම) බලප්‍රදේශයට අයත් 11 වන සේනාංකයේ 09 වන සංවත්සරය 2019 පෙබරවාරි මස 15 වන දිනට යෙදි තිබු අතර, සේනාංකාධිපති මේජර් ජෙනරල් ටි ජේ නානයක්කාර ආර්ඩබ්ලිව්පි යුඑස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම යටතේ සංවත්සර දිනයට සමගාමිව 2019.03.01 වන දින පිංකම් මාලාවක් සිදු කරන ලදි.

ඒ අනුව සේනාංක මුලස්ථාන පිරිශ්‍රයේදී රාත්‍රික පිරිත් සජ්ඡායනාවක් පවත්වා සංඝයා වහන්සේ 15 නමක්හට උදැසන හීල් දානය පිළිගන්වන ලදි. එමෙන්ම තත් පුන්‍යමය කටයුත්ත සදහා සේනාංකයේ රාජකාරි නියුතු නිලධාරි/සෙසුනිලයින් සහ ඔවුන්ගේ පවුලේ සමාජිකයන්ද සහභාගි වන ලදි.