Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

26th January 2020 08:40:39 Hours

11 වන සේනාංකය වෙතින් මීමැසි පාලන පිළිබඳ දේශනයක් පැවැත්වීම

ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම වෙතින් පාලනය වන 11 වන සේනාංකය වෙතින් බදාදා දින පුහූණුවීම් දිනයට සමගාමීව 11 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ජි එච් ඒ එස් බණ්ඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මගපෙන්වීම මත බිඟු සම්පත සුරැකීමේ සංවිධානයේ ගරු ලේකම් තිස්ස බණ්ඩාර දේශකයාණන් විසින් “මීමැසි පාලනය” පිළිබඳ හරවත් දේශනයක් 2020.01.22 වන දින එම සේනාංකයේ දේශන ශාලාවේදී පෙ:ව 0900 පැයේ සිට පෙ:ව 1030 පැය දක්වා කාලය තුල පවත් වන ලදී.

එම දේශනය සඳහා 11 වන සේනාංක බළප්‍රදේශය යටතේ පාලනය වන බළසේනා මූලස්ථාන, පුහුණු පාසල් හා ඒකකයන්හී රාජකාරි නියතු නිලධාරින් 10 දෙනෙකු සහ සෙසුනිලයින් 100 කින් යුත් භඨපිරිස් කණ්ඩායමක් මෙම දේශනය සඳහා සහභාගි වන ලදී