Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

11th March 2019 09:51:08 Hours

11 වන සේනාංක මුලස්ථනය වෙතින් ධර්ම දේශණාවක් පැවැත්වීම

ආරක්ෂක සේනා (මධ්‍යම) බළප්‍රදේශයට අයත් 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ටි ජේ නානයක්කාර ආර්ඩබ්ලිව්පි යුඑස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගෙ මගපෙන්වීම යටතේ ධර්ම දේශණාවක් 2019.03.07 වන දින සේනාංක මුලස්ථාන දේශණ ශාලාවේදි සිදු කරන ලදි.

එම ධර්ම දේශණාව පැවැත්වීම සඳහා පැමිණි පල්ලේකැලේ සිරි සිලවංශ බෞද්ධ මධ්‍යස්ථානයේ ගරුතර ආනන්ද ස්වාමින් වහන්සේ විසින් සිදුකරන ලැබු අතර, ඒ සදහා එම සේනාංක මුලස්ථානයේ රාජකාරි නියුතු නිලධාරි/සෙසුනිලයින් 04 x 40 ක් පමණ සහභාගි වන ලදි.