Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

02nd March 2018 18:01:56 Hours

11 වන සේනාංක 8 වන සංවත්සරය සැමරිම

මෙම සංවත්සර උත්සව මාලාවට සමගාමීව 11 වනසේනාංකය වෙතින් ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සියලුම නිලයින්ගේ සහභාගිත්වයෙන් පහත සදහන් පරිදී ඉතා සර්ථකව සිදු කරන ලදි.

2018.02.14 වන දින 11වන සේනාංක ධජයට සෙන් පතා ශ්‍රි දළදා වහන්සේ වෙත ගිලන්පස පුජා කිරිම.

2018.02.15 වන දින උදෑසන ශ්‍රී දළදා වහන්සේ වෙත කිරි ආහාර පුජා කිරිම.

2015.02.15 වන දින සේනංකාධිපති තුමා වෙත සේනාංක මුලස්ථානයේදී 5 (සෙව්) ශ්‍රීලපාහ ඒකකය වෙතින් සම්මාන මුරයක් හා සම්මාන පෙළපාලියක් පිරිනැමීම හා සියලු නිළයින් සදහා දිවා භෝජන සංග්‍රහයක් පවත් වන ලදී.

2018.02.19 වන දින රාත්‍රීයේ සියලු නිළයින්ට හා ලක්වාසි ජනතාවට සෙත් පතා සර්වරාත්‍රීක පිරිත් සජ්ඡායනාවක් හා 2018.02.20 වන දින භික්ෂුන් වහන්සේලා 63 නමක් උදෙසා දහවල් දානය පිළිගැනිවීම.

2018.02.20 වන දින සේනාංකාධීපතිගේ සංකල්පය මත මහනුවර ලේවැල්ල ධර්මාශෝක විද්‍යාලයේ ඉගණුම ලබන දෙමාපියන් නොමැති දුගී දුප්පත් සිසුන් 47 දෙනෙකු හට දිවා ආහාර ලබාදීම හා යුද්ධ හමුදා විශ්‍රාමික මේජර් දීපාල් සුභසිංහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අනුග්‍රාහයෙන් එම සිසුන් හට පාසල් නිල ඇදුම් සහා සපත්තු කට්ටලය බැගින් පරිත්‍යාග කරන ලදී.