Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

23rd February 2021 19:50:47 Hours

11 වන පාබල සේනාංක මූලස්ථාන‍යේ 11 වන සංවත්සරයට සමගාමීව වැඩසටහන් මාලාවක් පවත්වයි

11 වන පාබල සේනාංක මූලස්ථාන‍යේ 11 වන සංවත්සර දිනය 2021.02.15 දිනට යෙදී තිබූ අතර එයට සමඟාමීව 11 වන පාබල මූලස්ථාන‍යේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් ඵම් එස් පී බී සමරකෝන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් වැඩසටහන් මාලාවක් පවත්වන ලදි.

11 වන පාබල සේනාංක මූලස්ථාන‍යේ භට පිරිස් විසින් 2021.02.14 දින උදෑසන ශ්‍රි දළඳා මාළිඟාවේදී කිරි ආහාර පුජාවක් පැවැත්වූ අතර 2021.02.15 වන දින මහනුවර “සිඟිති සෙවන” පෙරපාසලේ හා දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ ළමුන් තිස්දෙනෙකු වෙත පාසැල් උපකරණ බෙදාදෙන ලදි. 10 වන ගජබා රෙජිමේන්තු ඒකකයේ භට පිරිස් සහභාගිත්වයෙන් 2021.02.16 වන දින සේනාංකාධිපති තුමන්හට කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව සේනාංකාධිපති තුමන් විසින් සේනාංක පිළිරුව නිරාවරණය කර සියළු භට පිරිස් සහභාගිත්වයෙන් පැවැත්වු තේ පැන් සංග්‍රහයට සහභාගිවී පාබල සේනාංක මූලස්ථාන‍යේ ප්‍රධාන මුළුතැන්ගෙය ඉදිකිරීමට මුල් ගල තබන ලදි.