Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

13th March 2023 11:00:00 Hours

11 වන පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති සිය බලප්‍රදේශයේ සංචාරයක නිරත වන ලදී.

11 වන පාබල සේනාංක සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් ආර් බී අලුවිහාරෙ RWP RSP PSC යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023.03.13 වන දින, 11 වන වන පාබල සේනාංකය යටතේ පාලනය වන 4 ශ්‍රි ලංකා පාබල හමුදා ඒකකය වෙත නිරික්‍ෂණ සංචාරයක නිරත වන ලදී.

එහිදි, 4 ශ්‍රි ලංකා පාබල හමුදා ඒකකයේ අනුඛණ්ඩ ස්ථාපිත, බෝවතැන්න හා මොරගහ කන්ද විදුලි බලාගාරයන් හි සංචාරය කිරිමෙන් අනතුරුව 4 ශ්‍රි ලංකා පාබල හමුදා ඒකක මුලස්ථානය පිහිටී දඹුල්ල කිරගොල්ල කදවුරවෙත පැමිණි සේනාංකාධිපති තුමන් හට කදවුරු සම්මාන මුරයක් පිරිනමා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.