Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

19th December 2022 08:00:00 Hours

11 වන පාබල සේනාංක මුලස්ථානයේ නව සේනාංකාධිපති ධුරයේ රාජකාරි භාරගන්නා ලදී

11 වන පාබල සේනාංක මුලස්ථානයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් එස් ආර් බී අලුවිහාරෙ RWP RSP USP යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022.12.19 වන දින ආගමික වතාවත්වලට මූල්තැන දෙමින් සිය ධුරයේ රාජකාරි භාරගන්නා ලදි.

තවද, 10 වන ගජබා රෙජිමේන්තු ඒකකයෙහි භටපිරිස් සහභාගිත්වයෙන් කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් සේනාංකාධිපති තුමන් හට පිරිනැමු අතර, පසුව මෙම අවස්ථාව සඳහා සහභාගි වූ 11 පාබල සේනාංකයේ හා එම සේනාංකය යටතේ පාලනය වන පාබල බලසේනා මූලස්ථාන සහ ඒකකයන්හි රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සෙසුනිළයින් හට සේනාංකාධිපති තුමන් විසින් භඨ පිරිස් අමතන ලදි.‍