Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

14th February 2023 09:30:00 Hours

11 වන පාබල සේනාංක මුලස්ථානයේ අභිමානවත් 13 වන සංවත්සරය ඉතා උත්කර්ශවත් අන්දමින් හා ආගමික කටයුතු වලට මුල්තැන දෙමින් වැඩසටහන් මාලාවක් පවත්වන ලදි.

11 වන පාබල සේනාංක මූලස්ථානයේ 13 වන සංවත්සරය 2023.02.15 වන දිනට යෙදී තිබුණු අතර එයට සමඟාමීව 11 වන පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් ආර් බී අළුවිහාරෙ RWP RSP ndu psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ උදාර සංකල්පයකට අනුව වැඩ සටහන් මාලාවක් ඉතා උත්කර්ෂවත්ව අන්දමින් පවත්වන ලදි.

2023.02.14 වන දින 11 වන පාබල සේනාංක මූලස්ථානයේ ඉදිරි අභිවෘධීය උදෙසා මහනුවර ශ්‍රි දළදා මාළිඟාවේදී කිරි ආහාර පුජාකර ආශිර් වාද ලබාගත් අතර, 2023.02.15 වන දින සේනාංකාධිපති තුමන් වෙත සම්මාන මුරයක් හා සම්මාන පෙළපාලියක් පිරිනමා පිළිගන්නා ලදී. අනතුරුව, මහනුවර, තෙල්දෙණිය, වේරපිටියේ පිහිටි “බිසෝමැණිකේ දඹවින්න” වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින මව්වරුන්ගේ සහ වැඩිහිටි කාන්තාවන්ගේ ප්‍රයෝජනය සඳහා වියළි සලාක හා එදිනෙදා පරිහරණය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය රැසක්ද සේනාංකාධිපති තුමන්ගේ සුරතින් පරිත්‍යාග කර සේනාංකාධිපති තුමන් විසින් සියළු නිලයින් ආමන්ත්‍රනය කර, සියළුම නිල දිවා භෝජන සංග්‍රාහයක් පවත්වා වැඩසටහන් මාලාව නිමාවට පත් කරන ලදී.