27th December 2024 21:14:58 Hours
11 පාබල සේනාංක බළප්‍රෙදේශයට අයත් මහනුවර දිස්ත්‍රීක්කයේ කටුගස්තොට නුගවෙල ප්‍රදේශය තුල පිහිටා ඇති මප/කටු කුළුගම්මන ප්‍රේමරත්න මහ විද්‍යාලයේ පෙරදිග තුර්යවාදක කණ්ඩායමෙහි සිසුන් භාවිතා කරනු ලබන සංගීත භාණ්ඩ පාවිච්චියට නුසුදුසු තත්වයේ පවතින බැවින්, එම විදුහලේ විදුහල්පතිතුමිය වන එච්එම්එන්එස් හේරත් මහත්මිය විසින් යුද්ධ හමුදාධිපතිතුමන් දැනුවත්කර ඇත.
ඒ අනුව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි මප/කටු කුළුගම්මන ප්‍රේමරත්න මහ විද්‍යාලයේ පෙරදිග තුර්යවාදක කණ්ඩායමෙහි සිසුන් සඳහා තම්මැට්ටම් 04, දවුල් 04, ගැටබෙර 02, බේස් ඩ්රම් 02, යෂ්ටි 01 ක ප්‍රමාණයක සංගීත භාණ්ඩ බෙදාදීමේ උත්සවයක් 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යූ කොඩිතුවක්කු ආර්එස්පී යුඑස්පී පීඑස්සී අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සුරතින් 2024.12.26 වන දින11 පාබල සේනාංක මුලස්ථානයේදි සිදු කරන ලද අතර, මෙම අවස්ථාව සඳහා එම පාසලේ විදුහල් පතිනිය, ගුරු භවතුන් සහ සිසුන් පිරිසක් සහභාගිවන ලදී.