Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

20th January 2022 14:48:49 Hours

11 පාබල සේමු සේනාංකාධිපති තුමන් වලමණ්ඩිය බළඇණි පුහුණු පාසලේ හි නිරික්‍ෂණ සංචාරයක නිරතවන ලදි.

මෙම ආසේමු (මධ්‍යම) යටතේ පාලනය වන 11 පාබල සේමු බලප්‍රදේශයේ පිහිටි වලමණ්ඩිය බළඇණි පුහුණු පාසලේ 11 පාබල සේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් පී එස් කේ සංජිව ආර්ඩබිලිවිපී ආර්එස්පී යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022.01.10 වන දින පුහුණු විම් නිරික්‍ෂණ සංචාරයක නිරත වන ලදි.

එහිදි පුහුණු පාසලේහි ප්‍රධාන උපදේශක වන ලුතිතන් කර්නල් එන් ඩබිලිවි ඩි ඒ නානායක්කාර ආර්එස්පී යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයකට අනුව සියළුම නිළයින්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරණ ලද ප්‍රධාන පිවිපසුම් දොරටුව සේනාංකාධිපති තුමන් විසින් විවෘත කරන ලදි.

එමේන්ම සේනාංකාධිපති තුමන් විසින් වලමණ්ඩිය බළඇණි පුහුණු පාසලේ පුහුණුවිම් සිදුකරනු ලබන 3 (සෙවි) ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ බළඇණියේ සියළුම නිලධාරින්/සෙසුනිළයින් අමතමීන් බළඇනි පුහුණුවිම්හි ඇති වැදගත්කම , නායකත්ව ගුණාංග වර්ධනය කරගැනිම සෙබළ වීනය පවත්වා ගැනිම පිළිබදව දේශණයක් පවත්වන ලදි.