Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

05th October 2023 09:30:00 Hours

11 පාබල සේනාක මුලස්ථාන සේනාංකාධිපති 19 ශ්‍රිලංජආබමු සංචාරයක නිරතවන ලදි.

11 පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්එම් රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023.10.04,05 යන දෙදින තුල එම පාබල සේනාංකය යටතේ පාලනය වන 19 ශ්‍රිලංජආබමු ඒකකය වෙත නිරික්ෂණ සංචාරයක නිරත වන ලදි.

ඒ අනුව එම ඒකකයේ අණදෙන නිලධාරි විසින් සේනාංකාධිපති තුමන් උණුසුම් අයුරින් පිළිගත් අතර, එම ඒකකයේ ඉටුකරන ලද රාජකාරි පිලිබද සේනාංකාධිපති තුමන් හට විස්තර කරන ලද අතර සේනාංකාධිපති තුමන් විසින් භඨපිරිස් ඇමතිමක්ද සිදුකරන ලදි. තවද කඳවුර සහ භඨපිරිස් රාජකාරි කරන ස්ථාන හා ලක්‍ෂපාන ජල විදුලි බලාගාරය නිරික්‍ෂණ කර සේනාංකාධිපති තුමන් සමන් දේවාලය සහ ශ්‍රිපාදස්ථානයද වැදපුදා ගන්නා ලදි.