Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

10th October 2023 08:30:00 Hours

11 පාබල සේනාංක මුලස්ථානය 74 වන සංවත්සරය උත්කර්ෂවත් ‍අන්දමින් සිදුකරන ලදි.

74 වන අභිමානවත් යුද්ධ හමුදා සංවත්සර දිනය 11 පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්එම්එම් රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යන නිලධාරි තුමන්ගේ අධික්ෂණය හා මඟපෙන්විම යටතේ ඉතා උත්කර්ෂවත් අන්දමින් සමරන ලදි.

ඒ අනුව 11 පාබල සේනාංක මුලස්ථානයේ ජේයෂ්ඨ නිලධාරින්/ නිලධාරින් මෙන්ම සෙසු නිලයින්ගේ සහභාගිත්වයෙන් උදෑසන යුද්ධ හමුදා ධජය ඔසවා යුද්ධ හමුදා ගීය වාදනය කිරිමෙන් අනතුරුව 74 වන යුද්ධ හමුදා දිනය වෙනුවෙන් යුද්ධ හමුදාධිපති තුමන්ගේ සුභාසිංශන පණිවිඩය ඉදිරිපත් කරමින් දවසේ වැඩ ආරම්භ කරන ලදි. අනතුරුව ජ්‍යෙෂ්ඨ නිලධාරින්/ නිලධාරින් හා සෙසු නිලයින්ගේ සහභාගිත්වයෙන් කදවුරු භූමියතුල රුක්රෝපණ වැඩසටහනක් පවත්වන ලදි.