Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

02nd November 2018 18:04:59 Hours

11 සේමු වෙතින් ලේ දන්දීමේ පුණ්‍ය කර්මයක් සඳහා භටපිරිස් සහභාගි වීම

ශ්‍රි ලංකා විදුලිබල මණ්ඩලයේ 49 වන සංවතසරය නිමිත්තෙන් මහනුවර පේරාදෙණිය විදුලිබල මණ්ඩල පරිශ්‍රයේදි ලේ දන්දීමේ කදවුරක් සඳහා මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පි ද සිල්වා යුඑස්පි එන්ඩියු අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ පුර්ණ උපදෙස් අනුව 11 සේනාංකයේ සේනාංකාංධිපති මේජර් ජෙනරාල් ටී ජේ නානයක්කාර ආර්ඩබ්ලිව්පි යුඑස්පි එන්ඩීයු යන ජ්‍යේෂ්ඨ නිළධාරිගේ පුර්ණ අධික්ෂණය මත ලේ දන්දිමේ කදවුර සඳහා යුද්ධ හමුදා සහය 2018.11.01 වන දින උදැසන 0900 පැයේ සිට 1500 පැය දක්වා ලබා දෙන ලදි.

එම පුණ්‍ය කර්මය ස‍දහා 11 වන සේනාංකයේ හා යටතේ පාලනය වන බසේමු හා ඒකකයන් හි රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිළධාරින් හා නිළධාරි/සෙසුනිළයින් 02 x 35 දෙනෙකු ස්ව කැමැත්ත මත ලේ අවශ්‍යතාවයෙන් පෙලෙන රෝගීන් වෙනුවෙන් තම රුධිර පරිත්‍යාග කරන ලදි.