Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

29th December 2018 13:00:48 Hours

11 වන සේනාංක මුලස්ථානයේ රාජකාරි ඉටුකරමින් සිටින සෙසුනිලයින් හා සිවිල් සේවක මහතුන්ගේ සුහදත්වය වර්ධණය කිරිමේ අරමුණින් වැඩසටහන් මාලාවක් සංවිධානය කිරිම

ආරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම බළප්‍රදේශයට අයත් 11 සේනාංක මුලස්ථානයේ රාජකාරි ඉටුකරමින් සිටින සෙසුනිලයින් හා සිවිල් සේවක මහතුන්ගේ සුහදත්වය ඇති කිරිම සහ චිත්ත ධෛර්‍යය වර්ධණය කිරිමේ අරමුණෙන් 11 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටී ජේ නානයක්කාර ආර්ඩබ්ලිව්පි යුඑස්පි එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් හා මගපෙන්වීම මත සෙසුනිළයින් හා සිවිල් සේවක මහතුන්ගේ පවුලේ සාමාජිකයින් උදෙසා 2018.12.23 වන දින සංගිත සැදෑවක් හා විනෝද ක්‍රිඩා රාශියක් සුදානම් කොට රාත්‍රි ආහාර වේලක්ද ලබා දෙන ලදි.

එමෙන්ම සේනාංකාධිපති තුමාගේ සංකල්පයට අනුව සේමු/බසේමු/ඒකකයන්හි රාජකාරි ඉටුකරමින් සිටින නිලධාරින්/සෙසුනිලයින් හා පවුලේ සාමාජිකයින්හට 2018.12.24 වන දින 0900 පැයට බස්රථ 04 කින් ප්‍රවාහන පහසුකම් ලබාදි ශ්‍රි පාද වන්දනා චාරිකාවක් සංවිධානය කරන ලදි. පසුව වන්දනා චාරිකාව සදහා සහභාගිවු සියළුම අයවළුන් හට 19 ශ්‍රිලංජාආබමු ඒකකය වෙතින් රාත්‍රි ආහාර හා පසුදින දිවා ආහාරය ලබා දෙන ලදි.