Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

01st January 2019 18:04:48 Hours

11 වන සේනාංකයේ රාජකාරි කරනු ලබන නිලධාරින්/සෙසුනිලයින් උදෙසා ආගමික වතාවත් සිදු කිරිම සදහා නවතමයෙන් බුද්ධප්‍රතිමා වහන්සේ හා බෝධි ප්‍රාකාරයක් ඉදිකිරිම

ආරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම බළප්‍රදේශයේ පිහිටා ඇති 11 වන සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටී ජේ නානයක්කාර ආර්ඩබ්ලිව්පි යුඑස්පි එන්ඩීයු යන ජ්‍යේෂ්ඨ නිළධාරි තුමාගේ උපදෙස් හා මගපෙන්වීම මත සේනාංකයේ රාජකාරියේ නියුතු නිලධාරින්/සෙසුනිලයින්ගේ දායකත්වයයෙන් බුද්ධ ප්‍රතිමාව සහ නවතමයෙන් ඉදිකරනු ලැබු බෝධි ප්‍රාකාරය 2018.12.21 වන දින 1700 පැයට පමන සේනාංකාධිපති තුමා ඇතුළු නිලධාරි/සෙසුනිලයින් හා සිවිල් සේවක මහතුන්ගේ ප්‍රධානත්වයෙන් ගරුතර සංඝරත්නය විසින් ආගමික වතාවත් සිදු කරන ලදි.