20th February 2025 17:07:20 Hours
11 වන පාබල සේනාංකයේ අභිමානවත් 15 වන සංවත්සරය 2024.02.14 වන දින සියළු නිලයින්ගේ සහභාගීත්වයෙන් ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
ඒ අනුව සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යූ කොඩිතුවක්කු ආර්එස්පී යුඑස්පී පීඑස්සී අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි හට 5(සෙව්)ශ්‍රිලපාහ ඒකකයේ භඨ පිරිස් සහභාගීත්වයෙන් කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනැමිමෙන් අනතුරුව සේනාංකාධිපති තුමන්ගේ සුරතින් 11 වන පාබල සේනාංක කඳවුරු භූමියේ ඉදිරිපිට නවතයෙන් ස්ථානගත කල මිමි 130 කාලතුවක්කුව සේනාංකාධිපති විසින් නිරාවරණය කිරීමටත් සංවත්සර දිනය සනිටුහන් කිරීම සඳහා කඳවුරු භූමියේ අඹ පැලයක්ද රෝපනය කරන ලදි.
තවද, 11 වන පාබල සේනාංකය යටතේ පාලනය වන පාබල බසේමු, ඒකකයන්හි රාජකාරි නියුතු නිලධාරින්/සෙසුනිලයින් ආමන්ත්‍රණය කර සියළු නිල දිවා භෝජන සංග්‍රාහයක් පැවැත්වු අතර, එදින ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය තුල බෝධි පුජාවක් පවත්වා සේනාංකයේ සියළු දෙනා වෙත සෙත් ප්‍රර්ථනා කරන ලදි.