Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

04th September 2020 11:56:05 Hours

11 පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති තනතුරෙන් නික්මයාම

11 පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති ලෙස රාජකාරි කරනු ලැබු මේජර් ජෙනරාල් ඩබ්ලිව් එම් ජේ ආර් කේ සේනාරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020.09.02 වන දින රාජකාරි භාරදීම් සිදුකර සේනාංකාධිපති තනතුරෙන් නික්මයන ලදි.

තවද, 10 වන ගජබා රෙජිමේන්තු ඒකකයෙහි භටපිරිස් සහභාගිත්වයෙන් කඳවුරු සම්මාන මුරයක් සේනාංකාධිපති තුමන් හට පිරිනමන ලදි. පසුව මෙම අවස්ථාව සඳහා සහභාගි වූ 11 පාබල සේනාංකයේ හා එම සේනාංකය යටතේ පාලනය වන පාබල බසේමු/ ඒකකයන්හි රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා නිලධාරින් එක්ව සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, සේනාංකාධිපති තුමන් සියළු නිලයින් ඇමතීමෙන් පසු සියළු නිලයින් එක්ව සේනාංකාධිපති තුමන් හට තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදි.