Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

20th July 2023 08:30:00 Hours

“සිත් නිවා හමා එන අමා බුදුගුණ සුවඳ” කාලීන සුමදුර ධර්ම දේශණාවක් පැවැත්වීම

මෙම මූල ආඥාපති මේජර් ජෙනරාල් WWHRRVMNDKB නියංගොඩ RWP RSP VSV USP ndu psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර් ණ අධීක්ෂණයෙන් “සිත් නිවා හමා එන අමා බුදුගුණ සුවඳ” කාලීන සුමදුර ධර් ම දේශණාවක් පවත්වන ලදි

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) සංවිධානත්වයෙන් 2023.07.20 වන දින 0900 පැයේ සිට 1100 පැය දක්වා එම කඳවුරු භූමියේදී “සෙබළ සිතට දහම් සිසිල” කාලීන සුමදුර ධර්ම දේශණාව පවත්වන ලද අතර එම සුමදුර ධර් ම දේශණාව අති පූජ්‍ය බෙලිහුල්ඔය සීලසමාහිත යෝග්‍රාශ්‍රමවාසී ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිඨක විශාරද, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවන ලදි

එම අවස්ථාව සඳහා මෙම මූලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, මෙම මූලය යටතේ පාලනය වන 8 ශ්‍රිලයුසේබ, 7 ශ්‍රිලයුපොහේබ, 2 (සෙව්) ශ්‍රිලවියාඉරෙ, 4‍ (සෙව්) ශ්‍රිලයුයුබ, යුහමුරෝ (දිය) ඒකකයන්ගේ අණදෙන නිලධාරින් ඇතුළු එම ඒකකයන්හී නිලධාරීන්, සෙසු නිලයින් සිවිල් සේවක මහතුන් ඇතුළු 600කට ආසන්න ප්‍රමාණයක් සහභාගි වන ලදි