Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

18th March 2021 18:36:51 Hours

‍ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) 8 වන සංවත්සරය අති උත්කර්ෂවත් අයුරින් සමරයි

ආරක්‍ෂක සේනා මුලස්ථාන‍ය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එන් ආර් ලමාහේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මගපෙන්විම මත ආරක්‍ෂක සේනා මුලස්ථාන‍ය (මධ්‍යම) 8 වන සංවත්සරයට සමගාමිව සියළුම නිළයින්ගේ සහභාගිත්වයෙන් වැඩසටහන් මාලාවක් සිදු කරන ලදි.

ඒ අනුව සංවත්සරයට සමගාමිව 2021.03.12 වන දින ආගමික වාතාවත් සහ පිරිත් සජ්ඡායනාවක් බොධි කන්ද පූජා භූමියේ සියළු නිලයින්ගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදී.

ඉන් අනතුරුව 2021.03.13 වන දින 23 ගජබා රෙජිමේන්තු ඒකකය වෙතින් කඳවුරු සම්මාන මුරයක් අඥාපති තුමන්හට පිරිනමන ලදි. පසුව ආඥාපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් දියතලාව යුද්ධ හමුදා විවාහක නිවාස භූමි ප්‍රදේශයේ රුක්රෝපණ වැඩසටහනක් සහ භෝජන සංග්‍රහයක් සියළු නිලයින්ගේ සහභාගිත්වයෙන් පවත් වන ලදි.