Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

22nd May 2024 00:00:00 Hours

හෝටන් තැන්න ජාතික වනෝද්‍යානයේ ආක්‍රමණශිලි ශාක ඉවත් කිරීමේ ශ්‍රමදානමය වැඩසටහනක් සිදු කිරීම.

ආරක්‍ෂක මුලස්ථානය (මධ්‍යම) කදවුරු බල ප්‍රදේශය පෝශණය කරනු ලබන මහවැලි, කැළණි,වලවේ ගංගාවල මූලාරම්භක ස්ථානය සහ ජෛව විවිධත්වයෙන් අනූන පාරසරික වශයෙන් ඉතා වැදගත් පරිසර පද්ධතියකට උරුමකම් කියන හෝටන් තැන්න ජාතික වනෝද්‍යානය තුල 2024.05.22 දිනට යෙදී ඇති අන්තර්ජාතික ජෛව විවිධත්ව දින සැමරුම් ජාතික උත්සව දිනට සමගාමිව හෝටන් තැන්න ජාතික වනෝද්‍යානයේ ආගන්තුක අක්‍රමණශීලි ව්‍යාප්තිය වලක්වාලීමේ අරමුණින් එම ශාක ඉවත් කිරිමේ ශ්‍රමදානමය වැඩසටහනක් 2024.05.22 දින රාජ්‍ය, රාජ්‍ය නොවන සංවිධාන, පුද්ගලික අංශය, තරුණ කණ්ඩායම් සහ විශ්ව විද්‍යාල සිසුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට පරිසර අමාත්‍යංශයේ ජෛව විවිධත්ව අංශය වෙතින් කටයුතු සිදු කරනු ලබයි.

එම වැඩසටහන සදහා යුද හමුදා සහය ලබාදීමට කටයුතු සිදුකර දෙන මෙන් දිස්ත්‍රික් ලේකම් නුවරඑළිය විසින් ආරක්‍ෂක මුලස්ථානය (මධ්‍යම) ආඥාපති තුමා වෙතින් සිදුකරන ලද ඉල්ලීමට අනුව ආඥාපති තුමාගේ පූර්ණ උපදෙස් පරිදි මෙම ආරක්‍ෂක මුලස්ථානයට අයත් 11 පාබල සේනාංක මූලස්ථානය යටතේ පාලනය වන 3(සෙව්) ශ්‍රිලංසිරෙ බලඇණියේ භට පිරිස් 01x50 ක කණ්ඩායමක් යොදවා එම වැඩසටහන ඉතා සාර්ථකව නිම කිරීමට කටයුතු කරන ලදි