Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

16th July 2018 19:26:15 Hours

හසලක ගාමිණි කුලරත්න 27 වන ගුණ සැමරුම

යුද්ධ හමුදාධිපති තුමාගේ උපදෙස් හා මගපෙන්වීම මත ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂඨ නිලධාරිගේ පුර්ණ අධික්ෂනය යටතේ හසකල ප්‍රදේශයේ ඉදිකර ඇති එම රණවිරු ස්මාරකය අභියසදි එම රණවිරුවා සිහිකරමින් විර ගාමිණි කුලරත්න අනුස්මරණ පදනම විසින් 2018 ජුලි මස 16 වන දින උපහාර උළෙලක් පවත්වන ලදි

එම අනුස්මරණ උත්සවය සඳහා ප්‍රදේශයේ ගරුතර මහ සංඝරත්නය , රාජ්‍ය හා රාජ්‍ය නොවන අයතන ප්‍රධානීන්,පාසල් සිසු සිසුවියන් මෙන්ම ප්‍රදේශවාසි හා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදි