Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

02nd May 2024 09:00:00 Hours

හම්බන්තොට දිස්ත්‍රික්කයේ දුෂ්කරතා ඇති පාසැලක ඉගෙනුම ලබන දරුවන් වෙත පාසැල් පොත් හා ලිපි ද්‍රව්‍ය ලබා දීම

12 වන පාබල සේනාංක බලප්‍රදේශ යේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් තිස්සමහාරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි ආර්ථික දුෂ්කරතාවයන් සහිත දරුවන් සිටින පාසලක් වන ‘රන්මිණිතැන්න කණිෂ්ඨ විද්‍යාලයෙ’ හි ඉගෙනුම ලබන සිසුන් 120 දෙනෙකු හට අවශ්‍ය පොත් හා ලිපි ද්‍රව්‍ය ලබාදීම 2024 මැයි 02 වන දින සිදුකරන්නට යෙදුනි. ඒ සඳහා වූ මුල්‍ය දායකත්වය හොංකොං දේශයේ පදිංචි ඔස්මන් ද අල්විස් පුජක තුමා අතුළු පිරිසක් විසින් සපයා දෙන ලදි.

ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමන්ගේ පුර්ණ මඟ පෙන්වීම හා උපදෙස් මත මෙම අවස්ථාව සඳහා 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, 122 පාබල බසේමූ බලසේනාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/සෙසු නිළයින්, පරිත්‍යාග ශිලීන් වන ඔස්මන් ද අල්විස් පුජක තුමා අතුළු පිරිස, විදුහල්පති, ආචාර්ය්‍ය මණ්ඩලය, පාසල් සිසු දරු දැරියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් සහභාගී වන ලදි. එම උත්සවය අවසානයේ පැමිණසිටි සියලුම දෙනා වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් ලබා දීමට ද කටයුතු කරන ලදි.