Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

08th September 2018 08:42:32 Hours

හපුතලේ නගර සභාව මගින් සංවිධානය කරන ලද ඩෙංගු මර්ධන වැඩසටහන

හපුතලේ නගර සභාව මගින් සංවිධානය කරන ලද ඩෙංගු මර්ධන වැඩසටහනක් හපුතලේ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන එක්ව 2018.09.06 වන දින 0900 පැයේ සිට 1230 පැය දක්වා කාලය තුල පවත්වන ලදි.

තත් වැඩසටහන සාර්ථක කර ගැනිම සඳහා හපුතලේ නගර සභාවේ නගරාධිපති විසින් කරන ලද ලිඛිත ඉල්ලීමකට අනුව මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්විම යටතේ භටපිරිස් සහභාගි කරවන ලදි.

එම ශ්‍රමදාන වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා මෙම මුලයේ රාජකාරි නියුතු 01x20 කින් යුත් භඨපිරිස් ප්‍රමාණයක් සහභාගි කරවන ලද අතර, තත් වැඩසටහන අවසානයේ හපුතලේ නගර සභාවේ නගරාධිපති විසින් යුද්ධ හමුදාධිපති තුමන් ඇතුළු ශ්‍රමදානය සදහා සහභාගි වු සියළු භඨපිරිස් හට තම ස්තූතිය පුද කරන ලදි.