Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

08th December 2019 10:16:42 Hours

හදිසි ආපදා තත්වය හේතුවෙන් යුද්ධ හමුදා භටපිරිස් සහයෝගය ලබාදීම

මේ දිනවල පවතින අදික වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් ආසේමු (මධ්‍යම) බළප්‍රදේශයේ පිහිටි බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර හයේ කණුව සහ ස්ප්‍රිංවැලි වත්ත ප්‍රදේශයන්හි 2019.10.05 සහ 06 දින තුල මාර්ගයන් අවහිර කරමින් පස් කඳුවැටි කඩාවැටීම හේතුවෙන් ගමනා ගමන කටයුතු වලට මහත් අපහසුතා රැසක් සිදු වු අතර, ඒ සඳහා මෙම ආරක්‍ෂක සේනා මුලස්ථානය වෙතින් පාලනය වන 112 බළසේනා මුලස්ථානයේ රාජකාරි නියුතු නිලධාරින් හා සෙසු නිලයින් එක්ව එම ස්ථානය වෙත ගොස් මහත් පරිශ්‍රමයක් යොදවා එම පස් කඳුවැටි ඉවත් කොට ගමනා ගමන පහසුකම් යතාතත්වයට පත් කරන ලදි.