14th September 2018 20:18:43 Hours
ඉදිරි වර්ෂා කාලයෙදි මෙම ප්‍රදේශයේ ඇති වන හදිසි ආපදා තත්වයන් වලදි ඒ සදහ සර්ථකව සහන සේවාවන් ඉටුකිරිම අරමුණු කර ගනිමින් ආරක්ෂක සේනා (මධ්‍යම) බලප්‍රදේශයට අයත් වැලිමඩ ප්රොදේශිය ලේඛම් කොට්ඨාශයේ බොරලන්ද ප්‍රදේශයේ දි හදිසි ආපදා සහන පෙරහුරු වැඩසටහනක් 2018.09.14 වන දින පවත්වන ලදී.
මෙම පෙරහුරු වැඩසටහන බදුල්ල දිස්ත්‍රික් අපදා කළමණාකරන මධ්යස්නථාය හා මෙම ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජී ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ඡ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ඉතා සර්ථකව සිදු කල අතර, මේ සදහා ශ්‍රි ලංකා අපදාකලමාණා කරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක (පෙර සුදානම්) සුනිල් ජයවීර මහතා හා ඌව පලාත් අපදාකළමණා කරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක උදය කුමාර මහතා මෙන්ම ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ප්රකමානි 1 (සම්බන්ධීකරණ) ලුතිතන් කර්නල් බී ඒ එස් ඒස් ඩී බුලත්ගම යන ඡ්‍යෙෂ්ඨ නිළධාරිගේ අධික්ෂණය යටතේ මෙම මුලයේ රාජකාරි නියුතු නි/සෙසුනිළයින් 01x16 ක් හා ශ්‍රි ලංකා පොලිසිය, බොරලන්ද ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරුන් මෙන්ම ප්‍රදේශයේ ජනතාවගේ සහභාගිත්වයෙන් සාර්ථක ලෙස සිදු කරන ලදි.