Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

27th August 2023 12:09:14 Hours

සිවිල් සේවක මහතුන්ගේ දුවා දරුවන් සදහා පොත් බෙදාදීම හා ස්වාමින් වහන්සේලා සඳහා වියළි සලාක ‍පරිත්‍යාග කිරිම

ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩි කේ බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වී යුඑස්පී එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර්ණ මග පෙන්වීම හා සම්බන්ධීකරණයෙන් යුතුව ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ රාජකාරි නියතු සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ දුවා දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය පාසල් උපකරණ කට්ටල ලබාදීමේ වැඩසටහනක් කොළඹ රාජකීය විද්‍යාලයේ ආදිශිෂ්‍ය මිතුරු කැල සහ ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ආදිශිෂ්‍ය මිතුරු කැල සමගින් පිහිටුවා ඇති අතහිත පදනමේ නිර්මාතෘ ප්‍රසාද් ලොකු බාලසුරිය මහතාගේ අනුග්‍රාහකත්වයෙන් 2023.08.19 වන දින ආරක්‍ෂක සේනා මූලස්ථාන කඳවුරු පරිශ්‍රයේදී ලබාදීමට කටයුතු කටයුතු කරන ලදී.

තවද, එදිනම “සවි සාමනේර” 2023 පස්වන වැඩසටහන යටතේ දියතලාව කදුරුගොඩ ශ්‍රි අත්තදස්සි පිරිවෙනෙහි මුලික පිරිවෙන් අධ්‍යාපනය ලබන සාමනේර ස්වාමින් වහන්සේලාගේ ප්‍රයෝජනය වෙනුවෙන් රු:30,000.00 ක වටිනාකමකින් යුත් වියළි සලාක ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම එම පිරිවෙන් පරිශ්‍රයේදී එදිනම සිදුකරන ලද අතර, මෙම සත්කාරමය වැඩසටහන් සඳහා ආරක්‍ෂක සේනා මුලස්ථාන (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ඩබ්ලිව්එම්එස්සීකේ වනසිංහ ආර්එස්පී යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි හා සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිතන් කර්නල් පිඑච්එන්එච් පෙරේරා ශ්‍රීලකාහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා සෙසුනිලයින් සහභාගී වන ලදී.