Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

21st September 2020 15:58:05 Hours

සිරස ගුවන් විදුලි නාලිකාවේ 25 වන සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදා ශ්‍රමධායකත්වයෙන් දිලිඳු පවුලක් වෙත ඉදිකර නිවස සුභ මොහොතින් ඔවුන් වෙත පරිත්‍යාග කරන ලදි.

සිරස ගුවන් විදුලි නාලිකාවේ 25 වන සංවත්සරයට සමගාමීව “සිරස නිවස” වැඩසටහන යටතේ ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම බළප්‍රදේශයේ පිහිටා ඇති පැරකුම්පුර ඇතිමලේ ප්‍රදේශයේ තෝරාගන්නා ලද දිලිඳු පවුලක් වන ආර් ඩී නන්දරත්න මහතා හට 18 ගැමුණු හේවා බළකා භඨපිරිස් ශ්‍රමධායකත්වය ලබා දි ඉකල නිවස 2020.09.15 වන දින සුභ මොහොතින් නිවාසලාභී පවුලේ අයිතියට පත් කරන ලදි.

එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරදිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, සිරස මාධ්‍ය ජාලයේ මාධ්‍ය ප්‍රධානි සමුහ අධ්‍යක්‍ෂිකා නීද්‍රා වීරසිංහ මැතිණිය, 12 පාබල සේනාංක මූලස්ථානයේ සේනාධිපති තුමන්, 121 පාබල බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති තුමන්, සිරස මාධ්‍ය ජාලයේ විධායක නිලධාරීන් පිරිසක් හා රාජ්‍ය, නිලධාරීන් පිරිසක් සහභාගිවු අතර, වැඩසටහන සර්ථක අයුරින් සිදුකිරිම වෙනුවෙන් මෙම මුලය හා යටතේ රාජකාරි ඉටුකරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධරින්,සෙසුනිලයින් හා ප්‍රදේශවාසින් සහභාගි වන ලදි.