Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

14th December 2018 08:10:25 Hours

සියදිවි හානිකර ගැනිමට තැත් කිරිම හා සියදිවි හානී කර ගැනීමෙන් වැලකිම පිළිබඳ දේශනයක් පැවැත්වීම

යුද්ධ හමුදාධිපති තුමාගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදා සාමාජිකයින් සියදිවි හානි කරගැනිමට තැත් කිරිම හා සියදිවි හානිකර ගැනිමෙන් වැලකිම, මතින් තොර සාර්ථක යුගදිවියක් ගතකිරිම පිළිබද දේශනයක් යුද්ධ හමුදා රෝහල නාරාහේනපිට හි මානෝවිද්යා මෙහෙයුම් අංශයේ වෛද්‍යවරුන්ගේ සභාගිත්වයෙන් මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්ආර්පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් හා මගපෙන්වීම මත ශ්‍රිලංයුහවීපි ටෝච් සිනිමා ශාලාවේදි 2018 දෙසැම්බර් මස 12 වන දින පවත්වන ලදි.

මෙම වැඩසටහන විශේෂිතවු දේශකයින් වශයෙන් යුද්ධ හමුදා රෝහල නාරාහේනපිට හි මනොවිද්‍යා මෙහෙයුම් අංශයේ වෛද්‍යවරුන් වන ලුතිතන් කර්නල් සරත් අරියරත්න ආර්එස්පි, පි ඩි අසංග මල්ලිකාරච්චි, ආර්එම්ඒ නිමල්සිරි රණසිංහ, ආර් සුනිල් ගුණරත්න හා ලුතිතන් ප්‍රසාද් පේදුරුආරච්චි යන නිලධාරින් විසින් මෙම දේශනය පැවැත් වු අතර ඒ සඳහා මෙම මුලය හා යටතේ රාජකාරි නියුතු පුපා/ඒකකයන්හි නිලධාරි/සෙසුනිලයින් 17x250 කට ආසන්න ප්‍රමාණයකගේ සභාගිත්වයෙන් සිදුකරන ලදි. තවද මෙහිදි යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සිදු කරණු ලබන සියදිවි හානි කරගැනිම පිළිබදව හා මතින් තොර සාර්ථක යුගදිවියක් පවත්වාගෙනයාම පිළිබදව පරිඝණක ඉදිරිපත් කිරිමක් ( Power point ) මගින් පැහැදිලි කරදෙමින් හරවත් දේශනයක් පවත්වන ලදි.